Total Pageviews

Monday, March 16, 2026



                                                                කැළණී විහාරය


                                                                     

උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණිය"

කැළණිය රජමහා විහාරය දෙස් විදෙස් බෞද්ධයින්ගේ ඉමහත් භක්තියාදරයට පාත්‍ර වූ අති පූජනීය ස්ථානයකි.

ඵෙතිහාසික කැළණිය විහාරස්ථානය විභීෂණ රජු පාලන සමය දක්වාම ඈත අතීතයට විහිදී යන්නකි. අපගේ හෙළ වංශකතා වල සඳහන් පරිදි මණිඅක්ඛිත නා රජතුමන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සම්බුදු පදවි ලබා අට වසරක් සපිරුණු වෙසක් පුන් පොහෝ දා අග්‍රගණ්‍ය මහ රහතන්වහන්සේලාද සමඟ කැළණියට වැඩම කළ සේක. බුදුන් වහන්සේ මහ රහතන්වහන්සේලා සමඟ වැඩ හිඳ දන් වළදා දහම් දෙසූ තැන මණිඅක්ඛිත නා රජතුමා විසින් එම මැණික් මණ්ඩපය නිදන් කොට කැළණි චෛත්‍යය ගොඩ නැගීය. කුඩාවට තැනූ එම චෛත්‍යය සැට රියන් උස් කොට ක්‍රි.පූ 3 වෙනි සියවසේ දී යථාලතිස්ස රජතුමා ඉදි කල බව සඳහන්ය. මෙය කැළණි විහාරයේ ඇති ප්‍රධාන පූජනීය ස්ථානය වශයෙන් සැළකේ. තවද උපෝෂතාගාරය, පස් මහල් පාය, ඔත් පිළිම ගෙය, තිවංක පීළිම ගෙය, බෝධීන් වහන්සේ, සතරැස් මහ මළුව, සෙල්ලිපි යනා දී ස්ථාන, කැළණි විහාරස්ථානය තුළ සුවිශේෂී තැනක් ගනී. තවද දේවානම්පියතිස්ස රජුගේ කාලයේ පටන් අපගේ අවසාන රජු දක්වාම බොහෝ රජවරු කැළණි විහාරය කෙරෙහි භක්තියෙන් කටයුතු කර ඇත. එමෙන්ම කැළණි විහාරය වෙනත් විහාරස්ථාන වලට වඩා විශේෂත්වයක් වන්නේ එහි එකම විහාරයක් තුළ බුදු මැදුරු දෙකක් තිබීමයි. එය පැරණි විහාරය සහ අළුත් විහාරය වශයෙන්ය. පැරණි විහාරය 18 වන සියවසට අයත් වන අතර, එහි චිත්‍ර මහනුවර යුගයට අයත්ය. කැළණි රජමහා විහාරයේ වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු පෙරහැර ඉතාමත් විචිත්‍රවත් ආගමික හා සංස්කෘතික ගුණාංග වලින් පිරීපවතින අතර එය බෞද්ධ ජනයාගේ සිත් තුල බුද්ධාලම්භන ප්‍රීතිය ආවර්ජනය කරවයි.

කැළණිය ශ්‍රි ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි.එය ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වෙන අතර කොළඹ නුවර සහ බියගම මාර්ගවලට මැදිව පිහිටා ඇත.කැළනියට ආසන්න බැවින් කැළණී විහාරය ලෙස හඳුන්වයි. අතිතයේදි මේ ප්‍රදේශයේ නාග ගෝත්‍රිකයන් ජිවත් වි ඇති අතර බුදුන් වහන්සේහේ දෙවන ලංකා ගම‍න වන නාගදිපයට වැඩම කල අවස්ථාවේ කැළණිය පාලනය කල මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයකට අනුව බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා කැළණියට බුදුරජුන් වැඩමවු බව සදහන් වේ. කැලණි නදියෙන් ජලස්නානය කළ බුදුපියාණන් වහන්සේ නා විමනේ අලංකාරවත් මාණික්‍ය ආසනයේ සිට සද්ධර්මය දේශනා කළ බවද පසුව එම ධර්මය දේශනා කල ස්ථානය සිහිවිම පිණිස මණිඅක්ඛිත නාරජු විසින් එම මැනික් පුටුව තැන්පත් කර ප්‍රථමයෙන්ම කුඩා ස්ථුපයක් ඉදිකළ බව ඉතිහාසයේ සදහන්ය. කැළණි විහාරය කැළණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවටද සාක්ෂි වේ. මෙම ගමනේදි බුදුරජානන් වහන්සේ කල්‍යාණි නදියේ ජලය ස්නානය කොට චිවරය තැන්පත් කළ ස්ථානයේ සාදා ඇති දාගැබ සිවුරු දාගැබ ලෙස වර්තමාණයේ හැදින්වේ. එහි බුදු සිවුර තැන්පත් කර ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති. ක්‍රි.ව. 164-192 කාලයේ සිටි කනිෂ්ක තිස්ස රාජ්‍ය යුගයේ කැළණියේ වැඩ විසු භික්ෂුන් වහන්සේලාට විනය කර්ම සදහා පොහොය ගෙයක් කරවා ඇත. ක්‍රි.ව. 214-236 කාලයේදි වෝහාර තිස්ස රජු විසින් චෛත්‍යයට වස්ත්‍ර පුජාවක් කළ බවද, ක්‍රි.ව. 1250-1285 කලයේදි දඹදෙණියේ විසු දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් පසු මහල් ප්‍රාසාදයක් කොට ඔත්පිළිම ගෙය සහ තිවංක පිළිම ගෙය පිළිසකර කරනු ලැබු බව සදහන් වේ. කෝට්ටේ රාජධානිය කරගත් හයවැනි පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය පාලන සමයේදි දේශිය වශයෙන් මෙන්ම බුරුමය වැනි විදේශිය රාජ්‍යවලද කැළණිය ප්‍රචලිත වන්නට වු අතර ආගමික සබදතා වැඩි දියුණු විය. කළ්‍යාණි ලිපි නමින් ඵලකය ප්‍රතිෂ්ඨාපනය කළේ එදවසය. තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ  ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත. සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිය විශ්ව විද්‍යාලයය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

Kelani BhodiyaKelani Bithisithuwam
Kelani BithisithuwamKelani Bithisithuwam
Kelani BithisithuwamKelani Bithisithuwam
Kelani BithisithuwamKelani Bithisithuwam

2 comments:

ගැටඹේ විහාරය

                                                                     ගැටඹේ විහාරය ගැටඹේ යන නාමය සෑදී ඇත්තේ මහවැලි ගඟේ මෙම ස්ථානයේ පිහිටා තිබ...