Total Pageviews

Friday, December 19, 2025

සීගිරිය

                                                     සීගිරිය

      ශ්‍රීලංකාවේ ලෝක උරුම අතරින් එක් උරුමයක් ලෙස සීගිරිය හදුන්වා දිය හැකිය.

                    සීගිරිය  | sigiriya                          

                         

සිගිරිය ආරම්භය
 
       ආරම්භයේම සිට ලෝක උරුමයක් දක්වා ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය පිහිටා ඇත. එහිදි පුරාණ ශ්‍රී ලාංකික කලාව, වාස්තු විද්‍යාව සහා ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ටතාවය අභිමානවත් ලෙස පෙන්වා දෙනු ලැබේ. එහිදී පුරාණ මතවලට අනුව සීගිරිය අවට ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම ජනාවාස වී ඇති බවට සාක්ෂී හමු වී ඇත. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ සිට මේ ප්‍රදේශයේ ගල්ලෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සදහා ආරාම ලෙස භාවිතා කර තිබේ. මෙම ලෙන් කටාරම් කොට සකස් කර භාවනායෝගිව සිටින භික්ෂූන්හට පූජාකර තිබේ.

     එහිදී සිගිරි ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන පළමුවන කාශ්‍යප රජුගේ පාලන සමයයි. මහා වංශයට අනුව ධාතුසේන රජුගේ පුත් කාශ්‍යප, තම පියාණන් ඝාතනය කර නියම උරුමක්කාරයා වූ මුගලන් කුමරුට රජකම අහිමි කරමින් සිහසුන පැහැර ගත්තේය. ඉන්දියාවට පලා ගිය මුගලන් කුමරුගෙන් එල්ල විය හැකි තර්ජනවලට මුහුණදීම සඳහා කාශ්‍යප රජු අනුරාධපුරය අතහැර ආරක්ෂීත ස්තානයක් ලෙස සීගිරි  පර්වතය තෝරා ගනිමින් සිය අගනගරය බවට පත් කෙරිණ. කාශ්‍යප රජු විසින් එය සතුරන්‍ට ලගා විය නොහැකි ලෙස ස්තාපිත කෙරිණ.

සීගිරියේ විශ්මිත නිර්මාණ

*   නගර සැලසුම්කරණය: 
සීගිරිය ගිරි දුර්ගයක් කේන්ද්‍ර කරගත් විශිෂ්ට නාගරික සැලසුමකින් යුක්‍ත විය. නගරය වටා පුළුල් දිය අගල් දෙකක් සහා ප්‍රාකාර තුනක් ඉදිකර තිබුණී. ලොව පැරණීතම උද්‍යාන අතරට එක්වෙන සීගිරි උද්‍යානය ජල උද්‍යානය, ශිලා උද්‍යානය සහා මාලක උද්‍යානය ලෙස ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනු ඇත. සමමිතිකව නිර්මාණය කරන ලද ජල උද්‍යානයේ ඇති ජල මල් පද්ධතිය, වැසි සමයේදි අදටත් ක්‍රියාත්මක වීම තුලින් පෙනී යන්නේ අදටත් එම තාක්ෂණයහි තියුණූ බවයි.

* මාළීගා සංකීර්ණය: 
පර්වතය මුදුණේ අඩි 660ක් ඉහළීන් ඉදිකළ රජ මාළිගය පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයේ කදිම අවස්තාවකි.

* සිංහ ද්වාරය:
පර්වතයේ උතුරු දෙසින්,මළුවට පිවිසෙන ස්තානයේ ගඩොලින් නිමවන ලද දැවැන්ත සිංහයෙකුගේ මුඛයෙන් දොරටුවක් ඉදිකර තිබුණි. එය සීගිරිය යන නම 'සිංහගිරි' යනුවෙන් බිදී ආවෙකි. අදවෙන විට දැවැන්ත පාද දෙක පමණක් ශේෂව පවතී.

*බිතු සිතුවම්: 
සිගිරියේ බටහිර පර්වත බෑවුම් හි ඇද ඇති බිතු සිතුවම්  ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාවේ විශිෂ්ටතම  උදාහරණයකි. රන්වන් සහා නිල්වන් ලලනාරූප ඇතුලත් මෙම සිතුවම් 'සීගිරි අප්සරාවන්' ලෙස හදුන්වනු ලැබෙයි. අතීතයේ මෙහි චිත්‍ර 500ක් පමණ තිබූ බවට සාධක ඇතත් වර්තමානයේ ඉතිරිව ඇත්තේ චිත්‍ර 22 ක් පමණක් යන්නට සදහන් වෙනු ඇත.




     සීගිරිය බිතිසිතුවම්  | sigiriya frescoes
  
                                    
   මෙහිදී අනුරාධපුර යුගයේ හමුවන විශිෂ්ටතම ගණයේ සිතුවමක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. මෙය අඩි 1132ක් උසැති සීගිරි පර්වතයේ අව් වැසි ආදියෙන් හොදින් ආවරණය වූ තැනක සිතුවම් කරන ලද පර්වත පෘෂ්ඨය මත මේවා ඇද තිබේ. කැටපත් පවුරේ ගී කිහිපයකම සදහන් වන ආකාරයටම මේ චිත්‍ර 500 ක් පමණ විය.මේ චිත්‍ර  කාශ්‍යප රජු විසින් අදින ලද බවට මතයයි. ඔහු එය අභයගිරියේ බුද්ධමිත්‍ර තෙරුන් විසින් ලියන ලදැයි සැලකෙන ශ්‍රමන දූත කාව්‍ය ඔස්සේ පෙන්නුම් කරයි. නමුත් හත්වෙන ශත වර්ෂයේ අගබාගය වන තෙක් ලියූ කවිවල චිත්‍ර සම්බන්ධව කරුණු නො දැක්වෙයි. මේ නිසා මේ චිත්‍ර සීගිරිය බැලීමට ගිය භික්ෂුන් විසින් අදින ලද්දක් බවද පිළිගත හැකිය. එයින් දැනට ඉතිරිව ඇත්තේ චිත්‍ර 22ක් පමණ යන්න ඉහත  සඳහන් කර ඇති කරුණුවෙලින්ද හෙළි වේ. අද වන විට දේශිය මෙන්ම විදේශිකයන්ද සීගිරිය බැලීමට පැමිණෙයි. රතු,කොළ,කහ යන වර්ණ තුනෙන් මෙය ඇද ඇත. මේ රූපවෙල තනි හා යුගල වශයෙන් නිරූපිත ස්ත්‍රී රූප වලින් යුතුවේ. 
    
       මේ රූපවල ඉගටියෙන් පහල කොටස දක්නට නොලැබේ.එය වලාකුළකින් කැඩී යන පරිදි සිතුවම් වේ. මෙහි වීනාවක් අතින් ගත් ලඳකගේ රුවක් ගැන කියවුනත් දැනට ඉතිරිව ඇති සිතුවම් තුල එවැනි වූ සිතුවමක් දක්නට නොලැබේ. සීගිරි චිත්‍රයන්හි රතු පැහැයෙන් අදින ලද බාහිර සටහනෙහි කහ,දුඹූරු හා කොළ යන වර්ණය ආලේප කිරීමෙන් වර්ණ පූර්ණ කල බව පෙනේ. මේ චිත්‍ර වර්ණ සංකලණයේදි නිල් පැහැය භාවිත නොකිරීම විශේෂයකි. එහිදි චිත්‍රවෙල අත් නිරූපණය කිරීම විශේෂයකි. පරණවිතාන මතයට අනුව නියත ලෙස අනුරාගී පිහිටන සිහින් ඉග පිරිපුන් පයෝධරයන්ගෙන් යුත් උත්කෘෂ්ඨ ස්ත්‍රී රූපයන් ලෙස දැකගැනීමට හැකි වේ. කාන්තාවකගේ සුන්දරත්වය මනාව පෙන්වමින් නිරූපණය කර ඇති මෙම චිත්‍රවෙල සුන්දරත්වය අතින් ඉහළය. මෙම චිත්‍රවෙල පියයුරුවෙල විශාලත්වය තුලින් ඉන් ඇතිවෙන ආකර්ෂණීයත්වය  තව දුරටත් ඉස්මතු වේ.මෙහිදී නාභිය හා උදරයේ රැලි වැනි සජීවි හැසිරීම්ද ඇඳුම් පැලඳුම් ආදිය මෙහි දී වඩාත් වැදගත් වේ. මෙහි වඩාත් විශේෂත්වය වන්නේ මෙහි කාන්තා ආදර්ශ තුනක් පෙන්නුම් කරයි. එනම් තරුණ විය, මැදිවිය, පසු ලෙසිනි. 

                 ශිල්ප ක්‍රම භාවිතය තුලදී  රූප භේද ,
ප්‍රමාණ,භාව,ලාවණ්‍යයෝස්න,වර්ණිකාභංග හා සාදෘශ්‍යකරණය යන ශිල්ප ක්‍රම හයම මෙම චිත්‍ර නිර්මාණයේදි යොදාගෙන ඇත.මේ චිත්‍ර ඇද ඇත්තේ වාහකයක් මතය. එහිදී බිත්තියේ සිදුරු දහයියා මිශ්‍ර මැටි බදාම අතුරා චිත්‍ර භූමියද එය මත සියුම් හුණු බදාම එලා චිත්‍ර වාහකය සාදාගෙන තිබේ. මෙය "ටෙම්පරා ක්‍රමය" ලෙස හදුන්වයි. මෙහිදී ප්‍රසිද්ධම මතය වන්නේ පරණවිතානයන්ගේ මෙහි මනුෂ්‍ය ස්ත්‍රීන් සදහන් නොවන අතර මේඝලතා හා විජ්ජුලතාවන්ගේ රූ සටහන් වේ. පුරාණ තොරතුරුවලට අනුව මේ පිළිබඳව තොරතුරු ග්‍රන්ථ ආශ්‍රිතයෙන්ද  සොයා ගත හැකිය.

                                                                                                                                    



සීගිරිය බිතිසිතුවම්|Sigiriya frescoes


සීගිරිය බිතිසිතුවම්|Sigiriya frescoes





  සීගිරිය බිතිසිතුවම්|Sigiriya prescoes
සීගිරියේ කැටපත් පවුර

         පුරාණ ගෘහ නිර්මාණ අතරින් විශිෂ්ටතම   නිර්මාණයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.    මෙහිදී මේ පිළිබඳව සීගිරිය නිර්මාණයේදී  සිංහල වාස්තු විද්‍යාවේදි පැහැදිලි වේ. සෙල්මුවා පඩිපෙලින් යුතු සීගිරි ගලට නගින ලද මාර්ගයේ ඉහළට නැගීමේදී වම් පසින් පෙනෙන ප්‍රපාතයෙන් ආරක්ෂාව දීමට ගඩොලින් සාදා හුණූ බදාමෙන් නිමකල ප්‍රාකාරය කැටපත් පවුර නම් වේ.මේ මාර්ගයේ අඩි 64ක පමණ  කොටසක් කාලයාගේ ඇවෑමෙන් ගරාවැටී ගොස් ඇත. මේ මාර්ගයේ ගලේ බටහිර කෙලවෙරෙන් හැරෙන තැන කොටස දැන් නැත්තෙටම නැත. මේ කොටසේ අඩුව පිරිමහන්නට මේවෙන විට යකඩ පාලමක් තනා ඇත. සීගිරියේ සෞන්දර්‍ය බලන්නට යන අයට මෙය දැක ගැනීමට හැකියාව ඇත. අඩි 42ක් පමණ ඉහලින් වූ සීගිරි ලඳුන්ගේ රූ සටහන් ගල් බිත්තියේ සදහන් වේ. මෙහිදී අඩි 7ක් පමණ පළල පියගැට පෙළ නිර්මාණයට යොදා ඇත්තේ ද සීගිරි පෙදෙස් වූ කලු ගල් නොව අන්‍ය පෙදෙසෙකින් මෙහි ගෙනවුත් විශේෂ පරිශ්‍රමයෙන් මේ පෙදෙස තැනූ බවට දක්නට ඇත. යන්නට විශිෂ්ට කරුණු රාශියක් සීගිරිය නිර්මාණය පිළිබඳව අනාවරණය වේ. මෙවැනි සමස්ත විගහයන්ට අනුව අද වෙන විට දෙස් විදෙස් සංචාරකයන්ගේ සංචාරක ස්තානයක් වගේම ලෝක උරුමයක් බවට සීගිරිය පත්ව හමාරය.

ගැටඹේ විහාරය

                                                                     ගැටඹේ විහාරය ගැටඹේ යන නාමය සෑදී ඇත්තේ මහවැලි ගඟේ මෙම ස්ථානයේ පිහිටා තිබ...